FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

(ෆාස්ට් නිව්ස් |කොළඹ ) – වාද්දුව ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අන්තර්ජාලය භාවිත කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට තවදුරටත් කටයුතු කරන බවයි.