FAST NEWS

24×7 Around the Globe

අළුත් අවුරුදු කාලයේ සංචරණයට තවත් සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත් අවුරුද්ද උදාවන ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශය පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට පුරෝකතනය වී ඇති බවයි.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළු සෞඛ්‍ය උපදෙස් ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.