FAST NEWS

24×7 Around the Globe

කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීමට සැලැස්මක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති සංචාරක ව්‍යාපරය නැවත ගොඩ නැංවීම සඳහා දිගුකාලීන හා කෙටිකාලීන සැලසුම් සකස් කරමින් සිටින බව විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.  

මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා සංචාරක ව්‍යාපරය කඩා වැටී තිබෙන බවත් , මේ නිසා ආර්ථිකයට අතිමහත් පාඩුවක් සිදුව තිබෙන බවත්
ශ්‍රී ලංකාවටද මේ තත්ත්වය දැඩි ලෙස බලපා තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු පෙන්වා දෙන්නේ රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලන කල වහාම රජය මේ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

රජය මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ මෙම කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිර යාම වැලක්වීම සදහායි.

එම මෙහෙයුම සාර්ථක වී වසංගතය මැඩ පැවැත්වූ වහාම මෙරට ආර්ථිකය ගොඩ නැංවීමේ මෙහෙයුම ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

එහිදී සංචාරක කර්මාන්තය නැවත නංවාලීම සදහාද විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ.