FAST NEWS

24×7 Around the Globe

තවත් පිරිසක් නිරෝධායන අවසන් කර නිවෙස් වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කෙරේ.

විදෙස් රටවල සිට පැමිණ මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදීසිටි 203 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් පසු සිය නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගත් බව ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

පසුගිය මාර්තු මස 22 වනදා සිට මෙම පිරිස නිරෝධායන කටයුතු වලට යොමු කෙරුණි.