FAST NEWS

24×7 Around the Globe

වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ලබාදීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා අද (06) දිනයේ දි සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. 

කොරෝනා වෛරසයේ හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු පාර්ශව වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා අදාළ ගෙවීම් සිදු කිරිමට තීරණය කළ බව එම අමාත්‍යංශය පවසයි.

කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂනය මත මෙම ගෙවීම් සිදුකෙරෙනු ඇත.

මේ අතර ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් අද හෙට සහ අනිද්දා දිනවල ලබා දිමට රජය පියවර ගෙන ඇත.

එමෙන්ම සමෘද්ධි දීමනාව ඇතුළු අනෙකුත් දීමනා ද ලබා දීම හෙට සිට ක්‍රියාත්මක කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවද කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේය.