FAST NEWS

24×7 Around the Globe

වැඩි මිළට භාණ්ඩ අලෙවි කරන්නන්ගේ ඇඳිරි නීති බලපත්‍ර අහෝසි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ගේ ඇදිරි නීති බල පත්‍රය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ.

එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙසට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

අමාත්‍යවරයා පැවසුවේ ඇදිරි නීති බලපත්‍ර උපයෝගී කර ගනිමින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළදුන් පිළිබදව තොරතුරු රැසක් වාර්තවා වී ඇති බවයි.