FAST NEWS

24×7 Around the Globe

සමස්ත දිවයිනම වසා දැමීමේ පුවත අසත්‍යයක් – අජිත් රෝහණ[RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 

එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත්  සඳහන් කරයි.