FAST NEWS

24×7 Around the Globe

ග්‍රාම නිළධාරීන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වසංගතය හමුවේ තම රාජකරියට අමතරව තවත් කටයුතු රැසක් සිදු කිරීමට පවරා ඇති ග්‍රාම නිළධාරින්ට නිසි පහසුකම් ලබා නොදීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව ලංකා එක්සත් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සදහන් කරයි. 

දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථා තම රාජකාරී ග්‍රාම සේවා වසම තුළ තැපල් රාජකාරී, මහජන ආධාර බෙදීම , වැඩිහිටි දීමනා ලබාදීම් , බඩු මළු බෙදාදීම , හදිසි මරණ සඳහා යාම ඇතුළු රාජකාරි රැසක් කිරීමට සිදුව ඇති බවද එම සංගම්වල ග්‍රාම නිළධාරිවරු පවසයි.

නමුත් ග්‍රාම නිළධාරීවරුන්ට මෙතෙක් මුහුණ ආවරණ , අත් වැසුම් ආදී කිසිවක් ලබා දී නොමැති බවත් මේ හේතුවෙන් සොඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇති බවද ඔවුන් පෙන්වාදෙයි .

එමෙන් හදිසි සේවා රැසක් සිදුකරන ග්‍රාම නිළධාරිවරුන්ට ඉන්ධන දීමනා , දුරකතන දීමනා කිසිවක් ලබාදී නොමැති අතර උත්සව අත්තිකාරම් මුදල් ද ලබාදී නොමැති බවද චෝදනා කරයි.

පවතින තත්වය හමුවේ ලංකාවේ ග්‍රාම සේවා වසම් 14022 තුළ සේවය කරන ග්‍රාම නිළධාරින් මුහුණ දෙන අපහසුතා හදුනාගෙන ඒවාට විසදුම් ලබාදෙන් ලෙස ලංකා එක්සත් ග්‍රාම නිළධාරින්ගේ සංගමය සහ සමස්ත් ලංකා නිදහස් ග්‍රාම නිළධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.