FAST NEWS

24×7 Around the Globe

ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණ වලින් වළකින්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ අසරණ තත්ත්වයට පත්ව ඇති ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රචාරණයන්ගෙන් වළකින්නැයි මැතිවරණ කොමිසම දැනුම් දෙයි.  

දේශපාලනඥයින් සුළු පිරිසක් ඡායාරූප පළකරමින් අන්තර්ජාලය , සමාජ මාධ්‍ය හා විවිධ ක්‍රම භාවිත කර දේශපාලනමය වාසියක් ලබාගැනීමට කටයුතු කර ඇතැයි නිරීක්ෂණය වන බව එම කොමිසම සඳහන් කරයි.

මේ අවස්ථාවේ එවැනි ක්‍රියා යෝග්‍ය නොවන බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටී.