FAST NEWS

24×7 Around the Globe

කෘෂිකාර්මික කටයුතු තවදුරටත් ලිහිල් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය කාලසීමාව තුළදී කෘෂිකාර්මික කටයුතු හුදකලාව කරන ලෙස ලබාදී ඇති අවස්ථාව තවදුරටත් ලිහිල් කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා අද පැවැසීය. 

ඒ අනුව, කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් අවස්ථානුකූලව කටයුතු කිරීමට දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන වෙත දන්වා ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය.

ලබා දී තිබෙන මෙම අවස්ථාව අවභාවිත නොකර කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන්නැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.