FAST NEWS

24×7 Around the Globe

නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් පිරිසක් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(04) විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර සිටි තවත් පිරිසක් සිය නිවෙස් වෙත පිටත්ව යෑමට නියමිතයි.

නිරෝධායනය අවසන් කළ 155දෙනෙකු අද දිනයේ නිවෙස්වලට පිටත් කර හැරීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

නිරෝධායනයට ලක්වු පුද්ගලයින් 2598 දෙනෙකු මේ වන විට සිය නිවෙස් වෙත පිටත් කර හැරි බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.