FAST NEWS

24×7 Around the Globe

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන ආකාරයට අද (04) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දින 14 ක අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය දින 14 ක කාලයක් සදහා තාවකාලිකව අත්හිටවා තිබේ.

කොරෝනා මර්ධන වැඩපිළිවෙල යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවති ප්‍රධාන ගැටලු 3 න් දෙකකට විසදුම් හිමිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.