FAST NEWS

24×7 Around the Globe

දියතලාවේ නිරෝධායන මධ්‍යස්ථාන හතරම හිස් වෙයි

(ෆාස්ට් නිව්ස් | දියතලාව) –  දියතලාවේ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථාන හතරම මේ වන විට හිස්ව පවතින බව යුද හමුදාව සඳහන් කරයි. 

මෙහි රැඳී සිටි අවසන් 33 දෙනාද අද දින සිය ගම්බිම් බලා පිටත්ව යෑමත් සමග කඳවුරුගතව නිරෝධායනය වූ සියලුම දෙනා පිටත්ව ගොස් අවසන් වෙයි.

මේ වනවිට එම කඳවුරු හතර තුළ නිරෝධායනය වූ පිරිස 479 ක් බව යුධ හමුදා කඳවුර සඳහන් කරයි.