FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 11,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) දහවල් 12 න් අවසන්වූ පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 289 දෙනෙකු පොලිසිය භාරයට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 70 ක් වන බව සඳහන්.

පොලිසිය පවසන්නේ මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නිතිය උල්ලංඝනය කල පුද්ගලයන් 11019 දෙනකු සහ වාහන 2727 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවයි.