FAST NEWS

24×7 Around the Globe

නිරෝධායනයට ලක්වූ තවත් පිරිසක් පිටව යයි

(ෆාස්ට් නිව්ස් |වන්නි) – නිරෝධායනයට ලක්වූ තවත් 16 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.

ඔවුන් පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසකි.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ පිහිට වූ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැදී සිටි අවසන් කණ්ඩායම ඔවුහු වෙති.

යුද හමුදාවේ පෙරියකාඩු සහ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථනයන්හි පුද්ගලයන් 330 දෙදෙනෙකුද වන්නි ගුවන් හමුදා කදවුරේදී තවත් පුද්ගලයන් 206 දෙනෙකු මේ දක්වා නිරෝධායනය අවසන් කර ඇත.