FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය සිව්වැන්නා ගැන තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අයි.ඞී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (02) කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණ වී තිබේ.

58 හැවිරිදි ඔහු අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇත්තේ පසුගිය 16 වන දා බව සඳහන්.

පසුගිය දිනෙක සිය බිරිඳ සමඟ ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වෙයි.

ඔහුගේ බිරිඳට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, ඇය ද අයි.ඞී.එච්. රෝහලේ සිට ප්‍රතිකාර ගැනීමෙන් පසු සුවය ලබා ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි.