FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් 2 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා මඩකලපුව සියෝන් දේවස්ථානයට එල්ල කල බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්යක ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ බෝම්බය රැගෙන යාම සඳහා ප්‍රහාරකයාට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.