FAST NEWS

24×7 Around the Globe

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙත දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට සහ විදේශයන්හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කරයි.

ඒ  විදෙස් මුදල් තැන්පතු ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ තැන්පත් කරන ලෙසයි.

මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් පවසන්නේ මේ මොහොතේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා මෙලෙස තැන්පතු හුවමාරු කරන ලෙසයි.

එවැනි තැන්පතු සඳහා රජයේ කිසිදු බාධා කිරීමක් සිදු නොවන බවද ඔහු කියා සිටියි.