FAST NEWS

24×7 Around the Globe

හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් කරා යාමට බාධාවක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් හදිසි ප්‍රතිකාර ලබා ගතයුතු ආකාරයේ රෝගී තත්වයෙන් පසුවේ නම් රෝහල් කරා යාමට කිසිඳු බාධාවක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අජිත් රෝහණ මහතා කියා සිටියේ ඇඳිරිනීති බලපත්‍ර ගැනීමකින් තොරව ඔ්නෑම වාහනයකින් රෝහල්වෙත ගමන් කිරීමට මහජනතාවට අවසර දී ඇති බවයි.

ඔහු මේ බව පැවසුවේ කොවිඩ්  වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින්.