FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තත්ත්වය අවධානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ ප්‍රවණතාව ඇමෙරිකාවට සාපේක්ෂව සංසන්දනය කර තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි හෙළිව ඇත.

ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි.

මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇත.

දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර තිබේ.