FAST NEWS

24×7 Around the Globe

කටාර් රාජ්‍යයේ ගින්නකට හසුවීමෙන් මෙරට කාන්තාවක් මරුට

(ෆාස්ට් නිව්ස් | කටාර්) – කටාර් රාජ්‍යයේ නිවසක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ගින්නකට හසුවීමෙන් මියගොස් තිබේ. 

එරට අල්කෝර් නගරයේ රැකියාවක නිරතව සිටියදී එම කාන්තාව මියගොස් ඇති අතර තවත් විදෙස් ජාතික ශ්‍රමික කාන්තාවන් තිදෙනෙකු ද මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද මෙය විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැකකෙරෙන බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ අදාළ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු දිවි බේරාගැනිමට සමත්ව ඇති බවයි.