FAST NEWS

24×7 Around the Globe

මරදාන ප්‍රදේශයේ 300 කට වැඩි පිරිසක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 ආසාධනය වීමෙන් මියගිය මරදාන ප්‍රදේශයේ පුද්ගලයා ඇසුරු කළ පිරිස අතරින් බුද්ධි අංශ විසින් තහවුරු කරගත් 300 කට වැඩි පිරිසක් මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ. 

වෛරසය පැතිරයාම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ  පැවති දෛනික මාධ්‍ය හමුවේදී එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.