FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමේ දී තම හැදුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.  

ඔහු පැවසුවේ එමගින් ඇදිරි නීති බලපත්‍ර අවභාවිතකරමින් වෙනත් කාර්යයන්හි නිරත වන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි

මිට අමතරව නිවෙස්වල වෙනත් රෝගී තත්ත්වයන්ට ලක් වූ පුද්ගලයින් රෝහල් වෙත ගෙනයාමට ඇතැම් පිරිස් බියක් දක්වන නමුත් හදිසි රෝගී තත්ත්වයක් ඇති පුද්ගලයින් ඕනෑම වාහනයකින් රෝහල් වෙත රැගෙන යාමට අවසරය ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.