FAST NEWS

24×7 Around the Globe

අගමැති සර්ව පාක්ෂික හමුවක් කැඳවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබුණි.

ඒ කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ මේ වනවිට රට තුල උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි.

අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු කථානායක කරූ ජයසුරිය මහතා, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂ නායකයින්, නිලධාරීන් සහ ආරක්ෂක අංශ ප්‍රධානින් එක්ව සිටියි.