FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්දනට රාජසන්තක කෙරූ එතනෝල් සියල්ල පොලිසියට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජසන්තක කරන ලද සියලූම එතනෝල් කොරෝනා මර්දන කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රාජසන්තක කළ එතනෝල් ලීටර 75,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

තවද, මත්පැන් නිෂ්පාදනය සහ අමුද්‍රව්‍ය ලෙස යොදා ගැනීමට සකස් කළ එතනෝල්වලින් ලීටර ලක්ෂ 10ක් පමණ පෞද්ගලික සහ රාජ්‍ය අංශ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.