FAST NEWS

24×7 Around the Globe

විශ්‍රාම වැටුප් 04 වනදාට පෙර නොලැබුෙණාත් දැනුම් දෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  විශ්‍රාම වැටුප් හිමියන්ගේ විශ්‍රාම වැටුප අප්‍රේල් 04 වනදා වන විටත් නිවසටම නොලැබුනහොත් ඒ සම්බන්ධයෙන් අදාල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වෙත දැනුම් දෙන්නැයි රජය ජනතාවට දැනුම් දෙයි. 

විශ්‍රාම වැටුප නිවසටම ගෙනවිත් භාරදීමේ වැඩපිළිවෙල යටතේ අදාල වැටුප නොලැබී ඇත්නම් අදාල තැපැල් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙන ලෙසයි තැපැල්පතිවරයා විශ්‍රාම වැටුප් හිමියන්ට උපදෙස් ලබාෙදයි.

විශ්‍රාම වැටුප් හිමියන්ගේ වැටුප නිවසටම ගෙනවිත් භාරදීමේ වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබීය.