FAST NEWS

24×7 Around the Globe

ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය මඟින් නිකුත් කර ඇති මාර්තු 31 දිනට පෙර වලංගු කාලය අවසන් වන සියලුම ඛනිජ තෙල් බලපත්‍රවල වලංගු කාලය 2020-04-30 දක්වා දිර්ඝ කිරීමට තීරණය කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනුයේ රටේ පවතින වාස්තවික තත්ත්වය සැලකිල්ලට ගනිමින් කාර්යාංශය මේ තීරණයට එලැඹි ඇති බවයි.

මේ ගැන යම් ගැලුවක් වේ නම් දුරකථන අංකය – 077 574 88 75 අධ්‍යක්ෂක ඛනිජ හිමිකම් ඇමැතීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.