FAST NEWS

24×7 Around the Globe

පොලිසියෙන් විශේෂ දුරකථන අංකයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මහජනතාවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1933 එම නව දුරකථන අංකය වන අතර මීට අමතරව 119 දුරකථන මධ්‍යස්ථානයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.

119 දුරකථන අංකය කාර්යබහුල වීම වැළැක්වීමට, එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.