FAST NEWS

24×7 Around the Globe

FCID යට එරෙහි පෙත්සම විභාග කිරීම කල් යයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාග කිරීම අභියාචනාධිකරණය කල් දමා තිබේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අග්‍රාමාත්‍යවරයාගේ නියෝග මත පාලනය වන දේශපාලනීකරණය වූ ආයතනයක් බව පවසමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබූ බව සඳහන්ය.

පෙත්සමට අදාළ විරෝධතා ඇත්නම් අද දින ඉදිරිපත් කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පොලිස්පතිවරයා ඇතුළු නිලධාරින්ට අධිකරණය මිට පෙර නියම කර තිබුණි.

කෙසේ වෙතත් පෙත්සම අද කැඳවූ අවස්ථාවේ පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකාර පාර්ශව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ විරෝධිතා ඉදිරිපත් කිරිම සඳහා කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පෙත්සම නොවැම්බර් මස 06 වනදා දිනට කල්දැමූ අභියාචනාධිකරණය එදිනට විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකාර පාර්ශවයට දැනුම් දුන්නේය.