FAST NEWS

24×7 Around the Globe

මහජන පැමිණිලි සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජනතාවට පොලිස් මුලස්ථානය වෙත පැමිණිලි ලබාදීම සඳහා නව දුරකථන අංකයක් හදුන්වා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර ඇත. 

ඒ අනුව 1933 අංකයට මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර , 119 දුරකථන මධ්‍යස්ථානයට ද මෙම පැමිණිලි ඉදිරිපත් කළ හැක.

මෙම කාල සීමාව තුළ 119 දුරකථන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරසය වැලැක්විමේ අරමුණින් ලබා දෙනු ලබන පැමිණිලි සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලබන බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

එලෙසම 119 දුරකථන මධ්‍යස්ථානයට යොමු කරනු ලබන ඇමතුම් කාර්ය බහුලවීම වැළැක්වීමට එම අංකයට යොමු වන ඇමතුම් සම්බන්ධතා ගණන වැඩි කිරීමටද කටයුතු කර තිබේ.