FAST NEWS

24×7 Around the Globe

රට පුරා කොරෝනා රෝගීන්ගේ නවතම වාර්තාව(CHART)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන්  කොරෝනා රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වේ.

එම ප්‍රමාණය 32කි.

එම තොරතුරු අනාවරණය වුණේ  වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද දෛනික වාර්තාව අනුවය.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් 25ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 24ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11ක්, මහනුවරින් 04ක්, රත්නපුරයෙන් 03ක් ආදී ලෙස සෙසු දිස්ත්‍රික්ක වල රෝගීන් ව්‍යාප්ත වී ඇත.

රටපුරා වාර්තාවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 143 කි.

විදේශිකයන් තුන්දෙනෙක් හා රෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34ක්ද ඊට අතුලත්ය.