FAST NEWS

24×7 Around the Globe

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයින් සඳහා වීසා බලපත්‍රවල වලංගු කාලය මැයි 12 වනදා දක්වා දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන් මේ සඳහා වලංගු වෙයි.

මීට පෙර මේවායේ වලංගු කාලය අප්‍රේල් 12 වනදා දක්වා දීර්ඝ කෙරුණි.