FAST NEWS

24×7 Around the Globe

කොරෝනා යැයි සැක තවත් පිරිසකගේ ඛේටය පරීක්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ බවට සැක සහිත රෝගීන්ගේ ඛේටය සාම්පල 60 ක් පමණ පරීක්ෂා කිරීම සඳහා ලැබී ඇතැයි බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය පවසයි.

ඒ පුත්තලම සහ අකුරණ ප්‍රදේශ වලින් කොරෝනා රෝගීන් හමුවීමටත් සමඟයි.

බොරැල්ල වෛද්‍ය පර්‌යේෂණායතනය, කොරෝනා පිළිබඳ සාම්පල පරීක්ෂා කෙරෙන මෙරට ප්‍රධානම ආයතනයයි.

මෙහි දෛනිකව වාර තුනකදී එහි සිදු කෙරෙන පරීක්ෂණ සංඛ්‍යාව 100 කි.

ඒ සඳහා රසායනාගාර කාර්මික විද්‍යාඥයෝ 12 දෙනෙක් සේවයේ නිරතව සිටිනවා.

එහිදී ගනු ලබන වාර්තා, වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ අධීක්ෂණය යටතේ සිදුකර අදාළ රෝහල් වෙත ක්ෂණිකව ලබා දෙන බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර සැක සහිත ඛේට සාම්පල 1600 ක් පරීක්ෂාවට යොමු කර තිබුණි.