FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාධිතයකු සිටි තංගල්ලේ හෝටලයක් වසා දමයි

(ෆාස්ට් නිව්ස් | තංගල්ල) – තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි බව කියන සංචාරක මඟපෙන්වන්නෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම සංචාරක හෝටලය අද (31) සිට වසා දැමීමට පියවර ගත් බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා පවසයි. 

විදේශික සංචාරකයන් පිරිසක් සමඟ තංගල්ලට පැමිණි මෙම මඟපෙන්වන්නා ඉකුත් 15, 16 සහ 17 යන දිනවලදී තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ සංචාරක හෝටලයක රැඳි සිටි බවට අනාවරණය වී ඇතැයි තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

කොළඹ ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව අද (31) මෙම වෛරසය ආසාධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබේ.