FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා ඇදිරි නීතිය පැවතුන ද අධිකරණ කටයුතු පැවැත්වෙන අධිකරණය වල නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ නිවසේ සිට අදාල අධිකරණයට ගමන්  කිරීමට අවසරය ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 

එලෙස ගමන් කරන නීතිඥවරුන් සහ නීතිඥවරියන් සිය නිල රාජකාරි ඇඳුමෙන් සිටීම අනිවාර්ය බවත් , ඔහු හෝ ඇය ගෙන් ආරක්ෂක අංශ හැදුනුම්පත ඉල්ලා සිටින අවස්ථාවල තමන්ගේ රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.