FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත ප්‍රදේශය සම්බන්ධයෙන් පැතිරයන පුවත් අසත්‍යයි – පොලිසිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශය බාහිර සබඳතාවලින් හුදකලා කර තැබීමට මෙතෙක් දැනට කිසිම තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 

කොරෝනා වෛරස ආසාධිතයන් දෙදෙනෙක් වැල්ලවත්ත ප්‍රදේශයදී සොයාගෙන ඇති බවට පැතිරයන කතාව අසත්‍යක් බවත් එම කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව, අද දිනයේදී බේරුවල ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිතයන් 6 ක් , අකුරණ ප්‍රදේශයන් 3 ක් සහ දෙහිවල ප්‍රදේශයන් එක් රෝගියෙක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.