FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම කට්ටිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී විකිණීම සඳහා කේරළ ගංජා රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඊයේ (30) එම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී මාර්ගයේ ගමන්ගත් සැක සහිත යතුරුපැදියක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 50ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 සහ 23 යන වයස් වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.