FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා වෛරසයෙන් සිදුවූ මරණ 37500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා ව්‍යාප්තියෙන් ලොව පුරා සිදුවූ සමස්ත මරණ ගණන 37,500 ද ඉක්මවා ගොස් තිබේ.

අද (31) උදෑසන වනවිට වෛරස ආසාදිතයින් 784,381 හඳුනාගැණුනු අතර සිදුව ඇති මරණ ගණන 37,780ක් ලෙසින් දැක් විය.

සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 165,000කට ආසන්නයි.