FAST NEWS

24×7 Around the Globe

කෝවිඞ් 19 අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෝවිඞ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටි 14 ක ආධාර ඒකරාශි වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ආයතන සහ පෞද්ගලික පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් අරමුදල ශක්තිමත් කිරීමට දායක වෙමින් සිටින බවයි.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලක් මාර්තු මස 23 වනදා ස්ථාපනය කළේය.

ඒ සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 10 ක මුදලක් ප්‍රදානය කෙරුණි.