FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් ඇසුරු කල 2210 ක් ගැන තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වනවිට කොවිඩ් – 19 වෛරසය ආසාදනයවී ඇති බවට දැනට හඳුනාගෙන ඇති රෝගීන් සමග ඇසුරු කළ පුද්ගලයන් 2210 දෙනෙකු පිළීබඳ තොරතුරු අනාරවණ කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීවේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ පැවති දෛනික මාධ්‍ය හමුවට එක්වෙමින් අදාල පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන තුල සහ ස්වයං නිරෝධායන ක්‍රියාවලිය වෙත යොමුකර ඇති බැවින් සමාජය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කරගැනීමට හැකිවී ඇති බව අනිල් ජාසිංහ කියා සිටියේය.

යම් ආකාරයකින් ඉදිරියේදී කොරෝනා රෝගීන් ගණන වැඩි වුවහොත් ඒ සඳහා මුහුණදීමට ප්‍රතිකාර සැලැස්මක්ද මේ වන විට සකස් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.