FAST NEWS

24×7 Around the Globe

තාවකාලිකව ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළිත් ඇඳිරි නීතිය පැනවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය මේවනවිට තාවකාලිකව ඉවත් කර තිබේ.

එම දිස්ත්‍රික්ක සඳහා අද (30) පස්වරු 02.00 සිට යළි ඇඳිරි නීතිය පැනවුවේය.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක 06 හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට තාවකාලිකව ඉවත් කෙරුණේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සපයාගැනීම සඳහායි.

ඇඳිරි නීතිය ඉවත් කෙරෙන ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වේ.