FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමතිනී සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  උද්ගතව ඇති කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සහ දැනට එම කාර්යයන්වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදව සොයාබැලීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය. 

ඊයේ (29) දිනයේ දී පවත්වන ලැබූ මෙම සාකච්ඡාව සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 20 කට පමණ ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු විධායක කමිටුව විසින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ගත යුතු විශේෂිත යෝජිනා කිහිපයක් පිළිබඳව අමාත්‍යතුමියව දැනුවත් කළේය.

ඉන් අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුලු විධායක කමිටුව විසින් දැනට රෝහල්වල සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබදව අමාත්‍යවරියගේ අවධානය යොමු කළේය.

ඒ අනුව අදාළ ගැටළු ක්ෂණිකව නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබාදෙන ලදී.