FAST NEWS

24×7 Around the Globe

අවධානම නිසා ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කෙරේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.

මේ නිසා ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි.