FAST NEWS

24×7 Around the Globe

ඔබේසේකරපුර තවත් තිදෙනකු රෝහල් ගත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔබේසේකර පුර අරුණෝදය මාවත ඇල රවුම අසල ප්‍රදේශයේ තිදෙනෙක් කොරෝනා රෝගී ලක්ෂණ පහළ කරමින් සිටිය දී රෝහල් ගත කර ඇත.

ඒ අද (29) පෙරවරුවේ ඔබේසේකර පුර අරුණෝදය මාවත වසා දැමීමට තීරණය කළ සිදුවීමට අදාළ පිරිසට අමතරවයි.

ඔවුන් එම පිරිස සමග දේවමෙහෙයට සහභාගී වූවන් නොවන බවයි වාර්තා වේ.

එම තිදෙනාගෙන් දෙදෙනෙක් IDH රෝහලට ඇතුළත් කර තිබේ.