FAST NEWS

24×7 Around the Globe

හෙට බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළඳසැල් වසා දැමේ

(ෆාස්ට් නිව්ස් | බණ්ඩාරවෙල ) – හෙට(30) දිනයේ බණ්ඩාරවෙල නගරයේ පිහිටි තොග, සිල්ලර වෙළඳසැල් සහ සුපිරි වෙළඳසැල් වසා තැබීමට තීරණය කර ඇති බව නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද(29) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරු වීමෙන් අනතුරුව දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තීරණය ගත් බව නගරාධිපතිවරයා සඳහන් කළේය.