FAST NEWS

24×7 Around the Globe

වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායනයට යොමු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් වෛද්‍යවරුන් දහදෙනකු නිරෝධායන යෙදී සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම වෛද්‍යවරුන් පිරිස මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බව සංගමයේ ලේකම් නවීන් ද සොයිසා මහතා පැවසීය.

මේ අතර දැනටමත් වෛද්‍යවරුන් දෙදෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටින බවද සංගමය කියයි.