FAST NEWS

24×7 Around the Globe

නගර වලට ඇතුළු වන වාහන විෂබීජහරණය කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –නගර වලට ඇතුළු වන වාහන විෂබීජහරණය සිදුකිරිම ආරම්භ කර තිබේ. 

මේ අනුව වව්නියාව නගරයට ඇතුළුවන සියළු වාහන විෂබීජහරණය සිදු කෙරේ.

එම කටයුතු වව්නියාව ඊරට්ටපෙරියකුලම පොලිස් මාර්ග බාධකයේදී සිදුකරනු ලබයි.

වාහන වව්නියාව ඉරට්ටපෙරියකුලම මාර්ග බාධකයේදී නවත්වා විෂබීජහරණය සිදුකිරීමෙන් අනතුරුව නගරයට ඇතුළු කරනු ලබයි.

වව්නියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව හා වවුනියාව දකුණ සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලයේ මෙහෙයවීම යටතේ මෙය සිදු කෙරෙන අතර නගරයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කටයුතු සිදු කරනු ලබයි.