FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිගෙන් ඉල්ලීමක් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ වසරකට අඩු සිරදඬුවම් කාලයකට යටත්ව ඉදිරි මාස තුන තුළ නිදහස් වීමට නියමිත රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙනි.

නමුත් මෙතෙක් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැත.