FAST NEWS

24×7 Around the Globe

ගුවන් යානා තහනම දීර්ඝ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ශ්‍රී ලංකාව තුළට ගුවන් මගීන් රැගෙන පැමිණෙන සියලුම මගී ගුවන් යානා වෙත මෙරට ගුවන් තොටුපළ වෙත පැමිණීම අත්හිටුවා පනවා තිබූ ගුවන් ගමන් තහනම ලබන අප්‍රියෙල් මස 07 දා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

මේ මස , එනම් මාර්තු මස 31 දා මෙම ගුවන් ගමන් තහනම අවසන් වීමට නියමිතව තිබුණි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය ශ්‍රී ලංකාව තුළ පවතින වර්තමාන තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹී තිබේ.

එහෙත් වෙනත් රටවල් කරා පිටත්ව යෑමේ අදහසින් ගුවන් තොටුපළ වෙත සංක්‍රමණික ගුවන් මගීන් රැගෙන පැමිණෙන ගුවන් යානා වලටත් , හදිසි අවශ්‍යතා මත (Emergency Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , කාර්මික දෝශ නිසා ( Technical Landing ) ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , ආහාර සහ ඉන්ධන ලබා ගැනීම සදහා ගොඩබස්වනු ලබන ගුවන් යානා වලටත් , මගීන් රහිතව පැමිණෙන ගුවන් යානා වලටත් තවදුරටත් මෙරට ගුවන් තොටුපළ විවෘතව පවතී.