FAST NEWS

24×7 Around the Globe

කොරෝන නිසා මෙරට ප්‍රථම මරණය වාර්තා වේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.